Latest News

අමෙරිකාවෙන් වැඩිපුර තීරු බදු පැනවුවත් ඉන්දියා – රුසියා මිත්‍රකම දිගටම

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් සහ රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජේ ලැව්රොයි අතර හමුවක් අගෝස්තු 21 වැනිදා පැවැත්වීමට නියමිතයි.

රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ මොස්කව් හිදී මෙම හමුව සිදුවන බවයි.

ද්විපාර්ශ්වික කරුණු මෙන්ම ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන් සහයෝගීව වැඩ කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙන බව රුසියානු විදේශ ක⁣ටයුතු අමාත්‍යාංශය X හි තැබූ සටහනක දැක්වුණා.

මෙම හමුව සිදුවන්නේ රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය ආනයන මත අමෙරිකාව සියයට 25ක තීරු බදු පනවා ඇති පසුබිමකයි.

ඉන්දීය ආනයන මත සමස්ත තීරු බදු ප්‍රමාණය සීයයට 50ක්.

එය ලොව රටකට දැනට ක්‍රියාත්මක ඉහළම බදු අනුපාතයයි.

දෙරටේ විදේශ අමාත්‍යවරු පසුගිය ජුලි මාසයේ දී චීනයේ දී ෂැංහයි සහයෝගීතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්⁣⁣ගේ සාකච්ඡාවට සමගාමීව ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා.

පසුගිය ජුනි මාසයේ දී දෙරටේ ආරක්ෂක අමාත්‍යවරු අතර හමුවක් ද පැවැත්වුණා.

World News

Send your contact Details Today