ඔලිම්පික් ශූර ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලැන්ටිස් (Armand Duplantis) රිටි පැනීම පිරිමි ඉසව්වේ ලෝක වාර්තාව නැවත වරක් බිඳ දැමීමට සමත් වුණා.
ඔහු මෙම නව වාර්තාව පිහිටවූයේ හංගේරියාවේ බුඩාපේස්ට්හිදී පැවැති ග්‍රොන් ප්‍රී (Hungarian Grand Prix) මලල ක්‍රීඩා තරගාවලියේදීයී.
මෙය අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනය මෙම තරගාවලිය මෙහෙයවූ රන් කාණ්ඩයේ (World Athletics Continental Tour Gold meeting) තරගාවලියක් වනවා.
ඩුප්ලැන්ටිස් (අගෝස්තු 12 වැනිදා) මෙම ලෝක වාර්තාවේදී ප්‍රදර්ශනය කළ දක්ෂතාව සටහන් වූයේ මීටර 6.29ක් ලෙසයි.
එම තරගයේ ඔහුගේ දෙවන අවස්ථාවේදී තමන්ගේ ම ලෝක වාර්තාව යළිත් බිඳ දැමීමට ඩුප්ලැන්ටිස් සමත් වුණා.
මෙම ඔලිම්පික් රිටි පැනීමේ ශූරයා නිරන්තයෙන් ලොව පුරා අවධානය දිනා ගැනීමට සමත්ව සිටින්නේ ලෝක වාර්තාව අවස්ථා ගණනාවකදී ම බිඳ දැමීම හේතුවෙන්.
මෙවර ඔහු රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කළේ, 13 වන වරටයි.
මේ වසරේදී අවස්ථා තුනකදී ම එම වාර්තාව බිඳ දැමීමට ඩුප්ලැන්ටිස් සමත් වීම විශේෂත්වයක් වනවා.
මීට පෙර ප්‍රංශයේ සහ ස්වීඩනයේ පැවති තරගවලදී ද ඔහු මෙම වසර තුළ රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තාව බිඳ දැමීමට සමත් වුණා.

