Latest News

යුරෝපීය කලාපයට ඇතුළු වන යුරෝපා සංගම් නොවන ජාතිකයින්ට විශේෂ දැනුම්දීමක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපා සංගමය විසින් නව ඩිජිටල් සීමා කළමනාකරණ පද්ධතියක් (New Digital Border Management System) හඳුන්වා දී තිබෙනවා.

ඒ යටතේ ෂෙන්ගන් කලාපය ලෙස හැඳින්වෙන රටවල් 29 කින් යුත් යුරෝපීය කලාපයට ඇතුළු වන යුරෝපා සංගම් නොවන ජාතිකයින්ට ලියාපදිංචි වීමට සිදුවනවා.

ලබන ඔක්තෝබර් 12 වනදා සිට ක්‍රියාත්මක මෙම පද්ධතියෙන් විදේශ ගමන් බලපත්‍ර දත්ත, සංචාරක ලේඛන සහ අනෙකුත් පුද්ගලික දත්ත රැස් කෙරෙන අතර ඒවා ඉලෙක්ට්‍රොනිකව ගබඩා කරනු ලබනවා.

ෂෙන්ගන් කලාපය රටවල් 29 කින් සමන්විත අතර ඒවායින් බොහොමයක් යුරෝපා සංගමයට අයත් රටවල් වනවා.

ඊට අයත් වන යුරෝපා සංගම් නොවන රටවල් වන්නේ අයිස්ලන්තය, ලීච්ටන්ස්ටයින්, නෝර්වේ සහ ස්විට්සර්ලන්තයයි. (Iceland, Liechtenstein, Norway and Switzerland)

නව පද්ධතිය මගින් සංචාරකයින්ට සීමා පරීක්ෂණ නොමැතිව හෝ එක් එක් රටවල් සඳහා වීසා බලපත්‍රයක් ලබා නොගෙන අනෙකුත් ෂෙන්ගන් රටවල් අතර නිදහසේ ගමන් කිරීමට ඉඩ සලසා දෙනු ලබනවා.

ඕස්ට්‍රේලියානු සංචාරකයින් තම විදේශ ගමන් බලපත්‍රය ඇතුළු පුද්ගලික දත්ත ලබා දිය යුතු අතර, Fingerprints ස්කෑන් කර මුහුණේ ඡායාරූපයක් ලබා ගත යුතුයි.

Self-Service System හෝ Mobile App භාවිතයෙන් මෙම ක්‍රියාවලිය වේගවත් කරගත හැකි බවයි දැනුම් දී ඇත්තේ.

ලබන ඔක්තෝබර් 12 වනදා සිට ආරම්භ වන මෙම පද්ධතිය පූර්ණ ලෙස ක්‍රියාත්මක වන්නේ ලබන වසරේ අප්‍රේල් 10 වනදා සිටයි.

World News

Send your contact Details Today