Latest News

අධිකරණ නියෝගයක් නිසා දකුණු කොරියාවේ හිටපු ජනපති ආර්යාවට හදිසියේම සිදු වුණ දේ

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු කොරියා හිටපු ජනපති ආර්යාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණවලට බාධා කිරීමේ චෝදනා මතයි.

ඒ අනුව දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක්-යෙයොල්ගේ බිරිඳ කිම් ක්‍යෝන්-හී අත්අඩංගුවට ගැනීමට දකුණු කොරියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා.

කිම් ක්‍යෝන්-හී පැය පහක නඩු විභාගයක් සඳහා අධිකරණයට ඉදිරිපත් වූ බවද සඳහන්.

ඇයට එල්ල වූ චෝදනා අතර අල්ලස් ගැනීම් සහ නීති විරෝධී ලෙස බලපෑම් කිරීම්ද වෙනවා.

ඇයගේ අත්අඩංගුවට ගැනීමත් සමඟ බන්ධනාගාරගතව සිටින ඇයගේ සැමියා වන හිටපු ජනාධිපති යූන් ද ඇතුළත් සිරකරුවන් අතරට ඇය ද එක් වනු ඇති.

යූන්, දෙසැම්බර් මාසයේ හමුදා පාලනයක් පැනවීමට ගත් අසාර්ථක උත්සාහයක් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති අතර අප්‍රේල් මාසයේදී ඔහු ධුරයෙන් ඉවත් කෙරුණා.

World News

Send your contact Details Today