Latest News

ඊශ්‍රායල් ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදීන් 05 දෙනෙකුට දිවි අහිමිවෙයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසාහි අල්-ෂිෆා රෝහල ආසන්නයට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරයකින් තම මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගිය බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

ප්‍රහාරය එල්ල වන විට අනාස් අල්-ෂරීෆ්, මොහොමඩ් ක්‍රෙයිකේ සහ කැමරා ශිල්පීන් වන ඉබ්‍රාහිම් සහර්, මොහොමඩ් නූෆාල් සහ මෝමෙන් අලිවා යන අය රෝහලේ ප්‍රධාන දොරටුව අසල පිහිටි මාධ්‍යවේදීන් සඳහා වෙන් වූ කූඩාරමක සිටි බව අල් ජසීරා වාර්තා කරන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් අල් ජසීරා නාලිකාව මෙම ප්‍රහාරය “ඉලක්කගත ඝාතනයක්” ලෙස හැඳින්වූ අතර එය මාධ්‍ය නිදහසට එල්ල කරන ලද තවත් පැහැදිලි සහ සැලසුම්සහගත ප්‍රහාරයක් බවයි සඳහන් කර තිබෙන්නේ.

ප්‍රහාරයෙන් සුළු මොහොතකට පසු, සිය ප්‍රහාරයේ ඉලක්කය වූයේ 28 හැවිරිදි අනාස් අල්-ෂරීෆ් බව ඊශ්‍රායල හමුදාව පැවසුවේ, ඔහු හමාස් ත්‍රස්තවාදී අංශයක නායකයෙකු බවට ටෙලිග්‍රෑම්හි සටහනක් පළ කරමින්.

මිය ගිය අනෙකුත් මාධ්‍යවේදීන් ගැන ඊශ්‍රායල් හමුදාව සඳහන් කර නොමැති බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව පවසා ඇත්තේ මෙම සිද්ධිය භීතිය දනවන්නක් බවත් 2023 ඔක්තෝම්බර් මාසයේදී ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් ආරම්භ කළ දා සිට මාධ්‍යවේදීන් 186 දෙනෙකු ඝාතනය වී ඇති බවයි.

World News

Send your contact Details Today