Latest News

නිව්යෝක් නගරයේ මී මෙහෙයුමක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ දැඩි ලෙස මී කරදරයක් පවතින බව එරට මාධ්‍ය සදහන් කරනවා.

ඒ අනුව මී උවදුර මැඩලීමට කණ්ඩායම් 70ක් සහා සංගම යෙදුම්ද භාවිතා කරමින් විශේෂ මෙහෙයුමක් සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නගරයේ පාරවල්, පදික වේදිකා සහ වෙළඳසැල් ආදී ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වනවා.

2022 ඔක්තෝබර් මාසයේදී, නිව්යෝර්ක් නගරය ‘කසළ විප්ලවයක්’ ආරම්භ විය.

එහි අරමුණ වූයේ පදික වේදිකාවල තබන කලු පැහැති කසළ බෑග් වෙනුවට, මුද්‍රා තැබූ කසළ බඳුන් භාවිතය අනිවාර්ය කරමින් මීයන්ගේ ආහාර ප්‍රභවයන් නැති කිරීමයි.

මෙම වැඩපිළිවෙළෙහි ප්‍රතිඵලයක් ලෙස, 2024 වසරේදී මීයන් සම්බන්ධ පැමිණිලි පසුගිය වසරට සාපේක්ෂව 25% කින් අඩු වී ඇති බව නිල දත්ත වාර්තා පෙන්වා දෙනවා.

“කලකට පෙර, කසළ දැමීමට යන විට මීයන් පස් දෙනෙකුවත් එළියට පනිනවා. මට මගේ පුතාව බිම තියන්නත් බය හිතුණා,” යැයි ප්‍රදේශවාසී ජෙසිකා සැන්චේස් පැවසූ අතර දැන් තත්ත්වය බෙහෙවින් යහපත් වී ඇති බව ද ඇය සඳහන් කළා.

World News

Send your contact Details Today