නවසීලන්තය ශ්‍රම බලකායේ හිඟය සඳහා නව Work Visa දෙකක් හඳුන්වා දී තිබෙනවා.
කෘෂිකර්ම, වනාන්තර හා සංචාරක ක්ෂේත්‍ර සඳහා වලංගු වන ග්ලෝබල් වර්ක්ෆෝස් සීසනල් වීසා (Global Workforce Seasonal Visa) සහ කෙටි කාලීන කෘෂිකාර්මික සේවකයින් සඳහා වූ පීක් සීසනල් වීසා (Peak Seasonal Visa) සඳහා දෙසැම්බර් මාසයේ අයදුම් කිරීම සඳහා විවෘත කරන බවයි නවසීලන්ත රජය ප්‍රකාශ කර ඇත්තේ.
Global Workforce Seasonal Visa බලපත්‍රය ඇති පුද්ගලයින්ට වසර 3 ක කාලය තුළ ඔවුන් කැමති තරම් වාර ගණනක් නවසීලන්තයට ඇතුළුවීමට හැකි වනු ඇති.
එහෙත් ඔවුන්ට නවසීලන්තයට නැවත පැමිණීමට පෙර සෑම මාස 12 න් අවම වශයෙන් මාස තුනක් විදේශගතව ගත කිරීමට අවශ්‍ය වන බවයි සඳහන් වන්නේ.
කෙටි කාලීන ශ්‍රමිකයින් සඳහා වූ Peak Seasonal Visa හි හිමිකරුවන්ට මාස 7ක් දක්වා නවසීලන්තයේ රැඳී සිටීමට අවසර දෙනු ලැබෙනවා.
මෙම වීසා අලුත් කිරීමට පෙර අවම වශයෙන් මාස 4 ක් නවසීලන්තය හැර යාම අවශ්‍ය වනවා.
මෙම නව වීසා දෙක ලබන දෙසැම්බර් 8 වනදා සිට අයදුම් කිරීම සඳහා විවෘත වන අතර, එය පසුගිය වසරේ හඳුන්වා දුන් ස්පෙසිෆික් පර්පස් වර්ක් වීසා (Specific Purpose Work Visa) වෙනුවට ක්‍රියාත්මක වන බවයි නවසීලන්ත රජය දැනුම් දී ඇත්තේ.