AI මඟින් මානව වර්ගයාගේ “ස්වර්ණමය යුගයක්” උදා වියහැකි බව තාක්ෂණ විශේෂඥයින් පවසනවා.
Google X හි හිටපු ප්‍රධාන ව්‍යාපාර නිලධාරි මෝ ගවුඩට් (Mo Gawdat) පවසන්නේ AI මගින් රැකියා නිර්මාණය කරන බවට පවතින අදහස මුළුමනින්ම අසත්‍ය බවයි.
ඉදිරි අවුරුදු 5 ත් 15 ත් අතර කාලය තුළ AI හේතුවෙන් විශාල පිරිසක් රැකියා අහිමි කරගනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඉහළම කුසලතා ඇති කම්කරුවන් පමණක් තාවකාලිකව රැකියාව පවත්වා ගනු ඇතැයි ඔහුගේ අදහසයි.
ප්‍රධාන විධායක නිලධාරීන් පවා මාරු කිරීමට AI වැඩි කාර්යක්ෂමතාවක් දක්වන බව ද ගවුඩට් පවසනවා.
ඔහුගේ අදහස වන්නේ AI නරක දෙයක් නොවන අතර ලාභ වැඩි කර ගැනීමට AI වැඩි අයුරින් භාවිතා කරන ප්‍රධාන විධායක නිලධාරීන් තම සේවකයන් රැකියාවෙන් ඉවත් කරන බවයි.
අනාගතයේ බිහිවන ලෝක නායකයින් පවා AI තාක්ෂණය හේතුවෙන් වෙනස් වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.