Latest News

ඊශ්‍රායලය ගැන ජර්මනිය ගත් අලුත්ම තීරණය

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරය අත්පත් කරගැනීම සදහා වන අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ සැලැස්මට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමත් සමඟ ජර්මනිය දැඩි තීරණයකට එළැඹ තිබෙනවා.

ඒ ගාසා තීරයේ භාවිත කෙරෙන අවි ආයුධ ඊශ්‍රායලය වෙත ලබාදීම නතර කිරීමටයි.

ගාසාහි සම්පූර්ණ පාලනය තමන් සතු කරගැනීමට තීරණය කර ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් පසුගිය 07 වනදා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් හමාස් සංවිධානය කියා සිටියේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන සදහා ගාසා තීරයේ ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පූජා කිරීමට කැමැත්තෙන් සිටින බවයි.

එවන් තත්ත්වයක් තුළ අදාළ තීරණය ක්‍රියාත්මක නොකරන ලෙසට හමාස් අත්අඩංගුවේ සිටින ප්‍රාන ඇපකරුවන්ගේ ඥාතීන්ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට බලපෑම් කරමින් සිටිනවා.

World News

Send your contact Details Today