නවසීලන්තයට පැමිණෙන සංචාරකයින්ට නව සංචාරක ගාස්තුවක් අයකිරීමට එරට රජය සූදානම් වනවා.
නවසීලන්තයේ සුන්දරම ස්වභාවික අරුමපුදුම දේ නැරඹීම සඳහා සියලුම විදේශීය සංචාරකයින්ගෙන් ඩොලර් 18 ත් 36 ත් අතර මුදලක් අය කෙරෙන බවයි එරට මාධ්‍ය වාර්තා පළවන්නේ.
ඒ Milford Sound, Mount Cook මෙන්ම රටේ වඩාත් ජනප්‍රිය කඳු නැගීමේ මාර්ගවලින් එකක් වන Cathedral Cove සහ Tongariro Crossing වැනි ස්ථාන වලටයි.
සංරක්ෂණ කටයුතු සහ නව රැකියා නිර්මාණය කිරීම සඳහා ඩොලර් මිලියන ගණනක් රැස් කිරීමට මෙය උපකාරී වන බවයි නවසීලන්ත රජය පවසන්නේ.
කෙසේවෙතත් මෙම ගාස්තුව 2027 වන තෙක් ක්‍රියාත්මක නොවනු ඇති.