Latest News

චීනයේ දර්ශනීය සංචාරක ප්‍රදේශයක බිහිසුණු අනතුරක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වයඹ දිග චීනයේ ෂින්ජියැං පළාතේ එල්ලෙන පාලමක කේබලයක් කැඩී යාමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදි තවත් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ෂින්ජියැං හි චීනයේ දර්ශනීය සංචාරක කේන්ද්‍රස්තානයක් වන ෂියාටා ප්‍රදේශයේයි මෙම අනතුර සිදුව ඇත්තේ.

පාලමේ කේබලය කැඩීයාමත් සමඟ පාලම එක් පැත්තකට ඇලවී ගොස් ඇති අතර එම අවස්ථාවේ සංචාරකයින් පිරිසක් එහි එල්ලී සිටින ආකාරය විඩියෝ දර්ශනවලද පටිගත වී තිබූ බවයි වාර්තා වන්නේ.

අනතුරත් සමඟ අදාල සංචාරක ප්‍රදේශය තාවකාලිකව වසා දමා දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

World News

Send your contact Details Today