2026 වසරේ පෙබරවාරි මාසයේදී බංග්ලාදේශ මහමැතිවරණය පවත්වන බව එරට අන්තර් වාර නායක මොහොමඩ් යූසුෆ් පවසනවා.
ඒ අනුව, ෂෙයික් හෂීනා බලයෙන් පහ කිරීමෙන් පසු එරට පවත්වන පළමු මැතිවරණය මෙය වනු ඇති.
ශිෂ්‍යයන් විසින් මෙහෙයවූ විරෝධතාවලින් පසු ෂෙයික් හෂීනා පසුගිය වසරේ අගෝස්තු 05 වනදා ඉන්දියාවට පළා ගිය අතර පසුව නොබෙල් ත්‍යාගලාභී මොහොමඩ් යූසුෆ් භාරකාර රජයේ ප්‍රධානියා ලෙස පත්වුණා.
ඊයේ ඩකා නුවර පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලබන පෙබරවාරි මාසයේ යෙදෙන, රාමසාන් මාසයට පෙර මැතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දෙන බවයි.