Latest News

රුසියාවේ භූ කම්පනයෙන් සතියකට පසුව ඇසෙන තහවුරු නොකළ කතාව (Satellite Images)

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගිය සතියේ සිදු වූ ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් රුසියානු න්‍යෂ්ටික සබ්මැරීන් කඳවුරකට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කම්චැට්කා අර්ධද්වීපයේ පිහිටා ඇති න්‍යෂ්ටික සබ්මැරීන් කඳවුරකට එලෙස හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

චන්ද්‍රිකා මඟින් ලබාගත් ඡායාරූප මගින් එය අනාවරණ කරගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතිචාර දක්වා නැහැ.

පසුගිය සතියේ රුසියානු කලාපයේ හටගත් භූමිකම්පාව ඉතිහාසයේ හටගත් ප්‍රබලතම භූමිකම්පාවක් ලෙසයි සැලකෙන්නේ.

එය රික්ටර් මාපාංක 8යි දශම 8ක ප්‍රබලත්වයක් ගෙන තිබුණා.

World News

Send your contact Details Today