උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයක ඊයේ සිදුවූ නායයෑමෙන් අතුරුදන් වූ පුද්ගලයන් සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට මිය ගිය 4 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබෙනවා.
හදිසියේ හටගත් වැසි කුණාටුවක් සමග අධික ගංවතුර තත්ත්වයක් හටගත්තා.
ඒ සමගම නායයාමක් සිදුවූ අතර කඳුකර ප්‍රදේශයක පිහිටි ධරාලි ගම්මානයේ නිවාස ඊට හසුව කැඩී බිඳී යන ආකාරය ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
එම ප්‍රදේශය සංචාරක පුරවරයක් වන අතර ඔවුන්ට නවාතැන් පහසුකම් සපයන හෝටල් හා අවන්හල් පිහිටා ඇති බව ද සඳහන්.
මේ වන විට වැසි තත්ත්වයේ අඩුවීමක් පෙන්නුම් කළ ද ප්‍රදේශයට ළගා වීම අපහසු බවයි ඉන්දීය හමුදා ආරංචි මාර්ග සඳහන් කළේ.