Latest News

අමෙරිකාවේ නිෂ්පාදිත මෝටර් රථ තීරුබදු රහිතව ආනයනය කිරීම ගැන ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එරට නිෂ්පාදිත මෝටර් රථ තීරුබදු රහිතව ආනයනය කිරීම වෙනුවෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව මෙය දෙරට අතර පවතින අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිශතය මත පදනම් වූවක් බව සඳහන්.

එසේ වුවද, ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීරණයක් ගෙන නැති අතර සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වන බවයි පවසන්නේ.

එසේම මුලින් සියයට 44ක්ව පැවති තීරුබදු ප්‍රතිශතය මේ වන විට සියයට 20ක් දක්වා පහත හෙළීමට එක්සත් ජනපදය පියවර ගෙන තිබෙනවා.

එසේම ධවල මන්දිරය මඟින් නිකුත් කළ නිවේදනයට අනුව, මෙම නව බදු අනුපාත සමඟ ඉදිරියේදී වෙළඳ හා ආරක්ෂක ගිවිසුම්වලට එළඹීමට අමෙරිකානු රජය බලාපොරොත්තු වනවා.

World News

Send your contact Details Today