Latest News

Tesla සමාගමට ඩොලර් මිලියන 242ක දඩයක් – තීන්දුවට එරෙහිව අභියාචනයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රකෝටිපති එලොන් මස්ක්ගේ විදුලි වාහන සමාගම වන ටෙස්ලා සමාගමට ඩොලර් මිලියන 242ක දඩ මුදලක් ගෙවන ලෙස අමෙරිකානු අධිකරණයක් නියෝග කර තිබෙනවා.

2019දී, ෆ්ලොරිඩාවේ කී ලාර්ගෝ හිදී ජෝර්ජ් මැක්ගී නමැත්තෙකු තම ටෙස්ලා මෝටර් රථයේ ටෙස්ලා සමාගම විසින් සපයන ලද ස්වයංක්‍රීය නියමු (Autopilot) විශේෂාංගය භාවිත කරමින් රිය පදවා තිබුණා.

ගමන අතරමඟ දී ඔහුගේ ජංගම දුරකථනය මෝටර් රථය තුළට වැටුණු අතර, වාහනය ස්වයංක්‍රීයව පාලනය වන බව සිතූ ජෝර්ජ් දුරකථනය ගැනීමට උත්සාහ කළා.

කෙසේ වුවත්, එම මොහොතේ මෝටර් රථය පාලනයෙන් ගිලිහී ගොස්, අසළ නවතා තිබූ තවත් වාහනයක ගැටී, එහි සිටි දෙදෙනකුට තුවාල සිදුවිවුණා.

මෙම අනතුරෙන් 22 හැවිරිදි තරුණියක් එම ස්ථානයේදීම මිය ගිය අතර, ඇගේ මිතුරිය බරපතල තුවාල ලැබුවා.

වින්දිතයින්ගේ පවුල් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවට ගිය අතර, දීර්ඝ නඩු විභාගයකින් පසු ෆ්ලොරිඩා අධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කළා.

එහිදී, වින්දිතයින්ගේ පවුල්වලට වන්දි වශයෙන් ඩොලර් මිලියන 329ක් ගෙවන ලෙසයි නියෝග කෙරුණේ.

මෙම අනතුරට ටෙස්ලා සමාගමේ ස්වයංක්‍රීය නියමු පද්ධතිය හේතුවක් බව අධිකරණය තීරණය කළ අතර, ටෙස්ලා සමාගමට ඩොලර් මිලියන 242ක් (ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 1,996ක්) ගෙවන ලෙසත්, ඉතිරි මුදල රියදුරු විසින් ගෙවිය යුතු බවත් නියම කර තිබෙනවා.

කෙසේ නමුත්, ටෙස්ලා සමාගම මෙම ෆ්ලොරිඩා අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි නිවේදනය කර ඇත්තේ.

World News

Send your contact Details Today