Latest News

එයාර් ඉන්දියා ගුවන් යානයක කලබලයක් – ගුවන් සේවය සමාව ඉල්ලයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එයාර් ඉන්දියා ගුවන් යානයක ගුවන් ගමනක් අතරතුර කැරපොත්තන් හේතුවෙන් මගීන් අපහසුතාවයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සැන් ෆ්රැන්සිස්කෝ සිට මුම්බායි බලා යන ගුවන් යානයකදී මෙම සිදුවීම වාර්තා වුණා.

යානයේ සිටි කැරපොත්තන් නිසා මගීන් දෙදෙනෙකු අපහසුතාවයට පත්වූ අතර, පසුව ගුවන් සේවිකාවන් ඔවුන් වෙනත් ආසනවලට ගෙන ගොස් තිබෙනවා.

පසුව යානය ඉන්ධන පිරවීම සඳහා කොල්කටාවේ නවත්වනු ලැබුවා.

එහිදී යානයේ අභ්‍යන්තරය පිරිසිදු කර ගැටළුව විසඳා තිබුණා.

ගුවන් යානයේ නිතිපතා පිරිසිදු කිරීමේ ක්‍රියාමාර්ග ගත්තද, සමහර අවස්ථාවලදී කෘමීන් බිම ඇති විට යානයට ඇතුළු විය හැකි බවයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් සේවය සමාව ඉල්ලමින් පැහැදිලි කළේ.

World News

Send your contact Details Today