Latest News

යෙවාන් ඩේවිඩ්ගෙන් තවත් පිම්මක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝ ෆෝමියුලා ධාවන පථයේ දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක යෙවාන් ඩේවිඩ් පසුගියදා තවත් සුවිශේෂී අවස්ථාවක් හිමිකර ගත්තා.

ඒ අනුව ඔහුට එංගලන්තයේ පැවැත්වෙන තනි ආසන කාණ්ඩයේ මෝටර් රථ තරගාවලි අතර ප්‍රමුඛතම තරගාවලිය වන ‘GB3’ තරගාවලිය සඳහා සහභාගිවීමට ප්‍රථම වරට අවස්ථාව උදා කර ගත්තා.

එහිදී ‘එක්සෙල් මොටෝස්පෝර්ට්’ කණ්ඩායම සඳහා ආදේශක ක්‍රීඩකයකු ලෙසින් එක් වූ යෙවාන් සිල්වස්ටෝන් හි පැවැති ‘GB3’ තරගාවලියේ 5වැනි අදියර සඳහා තරග කරමින් ක්‍රීඩකයන් 24 දෙනකුගෙන් යුත් තරගාවලියේ පළමු තරගයේදී 17වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා.

අනතුරුව පෙරේදා (3 වැනිදා) දෙවැනි තරගයේදී 10වැනි ස්ථානය දිනාගත් අතර තෙවැනි තරගයේදී 19 වැනියා ලෙසින් තරගය නිමා කළා.

ඒ අනුව යෙවාන් සහභාගි වන යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ මීළඟ අදියර හෙවත් 6වනි අදියර එළැඹෙන සැප්තැම්බර් මස 6 සහ 7 දිනවල ඔස්ට්‍රියාවේදී පැවැත්වීමට නියමිතයි.

යෙවාන් මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙහි දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

World News

Send your contact Details Today