Latest News

ඉරානයට තවත් අර්බුදයක අවදානමක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දරුණු ජල අර්බුදයක් ඇති විමේ අවදානමට මුහුණදී සිටින බවට ඉරාන ජනාධිපතිවරයා අනතුරු අඟවනවා.

අධික ජල පරිභෝජනය නවතා ජලය අරපරිස්සමෙන් භාවිත කරන ලෙසටයි ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙස්කියන් ඉල්ලා සිටින්නේ.

ඉරානයට බලපා ඇති අධික නියං තත්ත්වය එරටට දරා ගත නොහැකි බවත් සැප්තැම්බර් මාසය වන විට ටෙහෙරානයට දැඩි ජල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත් ජනාධිපතිවරයා පවසනවා.

සම්පත් වැරදි ලෙස කළමනාකරණය හා අධික පරිභෝජනය හේතුවෙන් විදුලිය, ගෑස් හා ජල හිඟයකට මුහුණදීමට සිදුව ඇති බවයි මසුඩ් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

පසුගිය වසර පහ තුළ ඉරානය දැඩි නියං තත්ත්වයකට මුහුණ දී සිටින අතර පසුගිය මාස හතර තුළදී වර්ෂාපතනය 40%කින් පහළ වැටී තිබෙනවා.

ටෙහෙරාන වැසියන්ගෙන් 70%ක් දිනකට ජලය ලීටර 130කට වඩා පරිභෝජනය කරන බවයි හෙළිවී ඇත්තේ.

World News

Send your contact Details Today