Latest News

ශ්‍රී ලංකාවට එන සංචාරකයින්ට අද සිට ගුවන් තොටුපොළ පරිශ්‍රයෙන්ම ගන්න පුළුවන් දේ

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම සඳහා අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් අද (03) දිනයේ කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ විවෘත කිරීමට නියමිතයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සඳහන් කළේ මෙතෙක් එම කටයුතු සිදුකරන ලද්දේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් බවයි.

දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන් මෙලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරීශ්‍රයේ දී මෙම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළු විවෘත කරන බවයි ඔහු පැවසුවේ.

මෙම නව කවුළුවෙන් විදේශිකයින්ට සැහැල්ලු වාහන හා යතුරුපැදි සඳහා පමණක් රියදුරු බලපත්‍ර නිකුත් කරන බවයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.

World News

Send your contact Details Today