Latest News

ලෝකෙන්ම එක්කෙනෙකුට විතරක්‌ තියෙන අලුත්ම රුධිර කාණ්ඩයක් සොයා ගැනෙයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ සහ එක්සත් රාජධානියේ වෛද්‍ය කණ්ඩායමක් විසින් CRIB නම් නව සහ අතිශය දුර්ලභ මිනිස් රුධිර කාණ්ඩයක් සොයාගෙන තිබෙනවා.

මෙම දුර්ලභ රුධිර වර්ගය හදිසි සත්කාර, ගර්භණී පරීක්ෂණ සහ ගෝලීය රුධිර පරිත්‍යාග පද්ධති වැඩිදියුණු කිරීමට හේතුවිය හැකි බවයි ඔවුන් විශ්වාසය පළකරන්නේ.

වෙනත් කිසිඳු රුධිර කාණ්ඩයකට නොගැලපෙන රුධිර වර්ගයක් ඇති බැංගලෝර් අසල කෝලාර්හි 38 හැවිරිදි කාන්තාවක් වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කිරීමෙන් පසුව මෙම නව සොයාගැනීම සිදු කෙරුණා.

සවිස්තරාත්මක පර්යේෂණයකින් පසුව, ඇගේ රුධිරය නව රුධිර වර්ගයක් ලෙස නිල වශයෙන් හඳුනාගෙන තිබෙනවා.

CRIB ලෙස නම් කර ඇති මෙම වර්ගයේ රුධිර කාණ්ඩයක් ඇති ලොව එකම පුද්ගලයා ඇය බවටයි මේ වනවිට තහවුරු වී ඇත්තේ.

CRIB රුධිර කාණ්ඩය පොදු ABO හෝ Rh පද්ධතිවල කොටසක් නොවන අතර, එය 2022 දී අන්තර්ජාතික රුධිර පාරවිලයන සංගමය (ISBT) විසින් අනුමත කරන ලද INRA (Indian Rare Antigen) නම් පද්ධතියට අයත් බව ඉන්දිය ජනමාධ්‍ය වාර්තා කරනවා.

බොහෝ මිනිසුන්ගේ රතු රුධිරාණුවල ඇති පොදු ප්‍රතිදේහජනකයක් මෙහි නොමැති බැවින් මෙම රුධිරය බෙහෙවින් වෙනස් වනවා.

මෙම ප්‍රතිදේහජනක නොමැති වීමෙන් මෙම රුධිරය අනෙකුත් රුධිර කාණ්ඩවලට වඩා විශේෂ වනවා.

මෙම රුධිරය සඳහා ගැළපෙන පරිත්‍යාගශීලියකු සොයාගැනීම නොහැකි බැවින් CRIB රුධිරය ඇති අයෙකුට රුධිර පාරවිලයනය ඉතා අවදානම් සහගත වනවා.

මාස දහයක පර්යේෂණ සහ අණුක පරීක්ෂණ වලින් පසුව, අන්තර්ජාතික විශේෂඥයන් විසින් Cromer (CR) රුධිර කණ්ඩායම් පද්ධතියේ නව ප්‍රතිදේහජනකයක් හඳුනා ගත්තා.

එහි මූලාරම්භය හඳුනා ගැනීම සඳහා, ප්‍රතිදේහජනකය නිල වශයෙන් CRIB ලෙස නම් කර තිබෙනවා.

එහිදී “CR” Cromer යන්න සහ “IB” ඉන්දියාව සහ බැංගලෝර් නියෝජනය කරමිනුයි යොදා ඇත්තේ.

World News

Send your contact Details Today