Latest News

දකුණු ඉන්දීය සුපිරි නළු, විජේ සේතුපතිට ලිංගික අපයෝජන චෝදනාවක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පී විජේ සේතුපතිට එරෙහිව X සමාජ මාධ්‍ය වේදිකාවක් ඔස්සේ ලිංගික අපයෝජන චෝදනාවක් එල්ල වී තිබෙනවා.

රාමායා මොහන්” නමින් X හි පවත්නා ගිණුමක් මඟින් එල්ල කරන ලද මෙම චෝදනාවට අනුව, විජේ සේතුපති විසින් ඇය හඳුනන තරුණ ගැහැණු ළමයෙකුට ලිංගික අපයෝජනයක් සිදු කර ඇති බව සඳහන්.

එම පණිවිඩවලින් ඔහු සමාජයේ සාමකාමී පෞරුෂයකින් පිරුණු චරිතයක් ලෙස පෙනී සිටියද, ඔහු මුදල් යෙදවමින් කාන්තාවන්ට අපයෝජනය කරන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත්, මෙම පණිවිඩ කිහිපය පැය කිහිපයකට පසුව ඉවත් කරනු ලැබූ අතර, එම ගිණුමද අක්‍රීය කර තිබුණා.

මෙම චෝදනාවන්ට පිළිතුරු ලෙස, විජේ සේතුපති “Deccan Chronicle” වෙබ් අඩවිය සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ, මෙවැනි චෝදනාවන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් රහිත බවයි.

එමෙන්ම ඔහු ඔහු මෙසේද සඳහන් කර තිබෙනවා…

“මාව දන්නා ඕනෑම කෙනෙකු මේකට හිනා වෙනවා. මම මාව හොඳින් දන්නවා. මේ වගේ අපහාසජනක චෝදනාවකින් මාව ව්‍යාකූල කරන්න බැහැ. මගේ පවුලේ අය මේකෙන් අපහසුතාවයට පත්වුණත් මම ඔවුන්ට කියනවා.

මේක අවධානයක් ලැබීමට පමණක් කෙරෙන වැඩක්.” ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, X වේදිකාව භාවිතා කළ අදාළ ගිණුමට එරෙහිව සයිබර් අපරාධ පැමිණිල්ලක් ද ආරම්භ කර ඇති බවය. මෙවැනි අසත්‍ය චෝදනාවන් තමන්ට කිසිදු බලපෑමක් නොකරන බවත් ඔහු තවදුරටත් අවධාරණය කළේය. “මම අවුරුදු හතකට ආසන්න කාලයක සිට මෙවැනි කටකතා වලට මුහුණ දීලා ඉන්නවා. ඒවා කිසිදාක මට බලපාලා නෑ. ඉදිරියටත් ඒක වෙන එකක් නෙවෙයි,” යැයි විජේ සේතුපති අවසන්වී කියා සිටියේ.

World News

Send your contact Details Today