Latest News

ගෞතම බුදුරජාණන් වහන්සේගේ බව පැවසෙන පූජනීය මැණික් ගැන ගත් අලුත්ම තීරණය

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ වෙන්දේසි සමාගමක් වන Sotheby’s සමාගමට අයත්ව තිබූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බව පැවසෙන පූජනීය මැණික් ප්‍රමාණයකින් කොටසක් ඉන්දියාව වෙත භාරදීමට එම සමාගම පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.

මෙම පූජනීය මැණික් තොගය පසුගිය මැයි මාසයේදී හොංකොංහිදී වෙන්දේසි කිරීමට නියමිතව තිබූ අතර, ඊට ඉන්දියාව ඇතුළුව ලොව පුරා බෞද්ධ ජනතාවගේ දැඩි විරෝධය එල්ල වුණා.

කෙසේ වෙතත් මෙම වෙන්දේසිය සම්බන්ධයෙන් ඉන්දියාව සිදුකළ රාජතාන්ත්‍රික මැදිහත්වීමක ප්‍රතිඵලයක් ලෙස මෙම මැණික් ආපසු ඉන්දියාව වෙත හිමිව තිබෙන බව සඳහන්.

Sotheby’s සමාගම සඳහන් කරන ආකාරයට ඉන්දියාවේ පිහිටි ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ගොඩ්‍රිජ් ඉන්ඩස්ට්‍රීස් සමාගම මෙම මැණික් මිලදී ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම මැණික් නැවතත් ඉන්දියාව ලබාදීමට හැකිවීම ගැන සතුටට පත්වන බවයි Sotheby’s සමාගම පවසා ඇත්තේ.

ඒ අනුව ඉදිරියේදී ඉන්දියාව තුළ මෙම පූජනීය මැණික් මහජන ප්‍රදර්ශනය සඳහා ස්ථිරවම තැනක තැන්පත් කෙරෙනු ඇති බව එම වෙන්දේසි සමාගම සඳහන් කරනවා.

World News

Send your contact Details Today