Latest News

ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108කට අත් වූ අවාසනාවන්ත ඉරණම

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පක්ෂ සාමාජිකයින් 108 දෙනෙකු සිරගත කිරීමට එරට රජය කටයුතු කර තිබෙනවා.

2023 වසරේදී පාකිස්තානන හමුදාවට එරෙහිව විරෝධතා පැවැත්වීම හේතුවෙනුයි මෙම පිරිස සිරගත කර ඇත්තේ.

නව සිරගත කිරීම්වලට විපක්ෂ නායක ඕමාර් අයුබ් ඛාන් ද ඇතුළත්.

වසර 10 ක සිර දඩුවමක් ඔහුට නියමකර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පී.ටී.අයි පක්ෂයේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ද අහෝසි කර ඇති බව සඳහන්.

මෙම තීරණය ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි පක්ෂයට දැවැන්ත පසුබෑමක් ඇතිකරනු ඇති බවට විශ්ලේෂකයින් මත පල කරනවා.

2023 වසරේ මැයි මාසයේදී පාකිස්තානය පුරා විරෝධතා පැවැත්වුණා.

ඒ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දූෂණ චෝදනා ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගැනීම හේතුවෙන්.

ඒ හේතුවෙන් පසුගිය වසර දෙක තුළදී ඉම්රාන් ඛාන්ගේ පක්ෂය සාමාජිකයින් විශාල පිරිසක් සිරගත කිරීමටද පියවර ගැනුණා.

World News

Send your contact Details Today