Latest News

අධිවේගී මාර්ගවල පැයට කිලෝමීටර් 120ට වැඩි වේගෙන් ගියොත් නඩු

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල පැයට කිලෝමීටර 120 ට වඩා වැඩි වේගයකින් රිය පදවන රියදුරන්ට GovPay යෙදුම හරහා දඩ මුදල් ගෙවීමට හැකිවුව ද ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති රංගේ ඉන්දික හපුගොඩ පවසනවා.

රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ, අධිවේගී මාර්ගවල වාහන ධාවනය කළ හැකි උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 100ක් වන බැවින් එය උල්ලංඝනය කිරීමේදී ගෙවීමට සිදුවන සංශෝධිත දඩ ගාස්තු ඇතුළත් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

සංශෝධිත දඩ ගාස්තු අනුව අධිවේගී මාර්ගවල අධික වේගයෙන් රිය පැදවීමේදී පැයට කිලෝමීටර් 100ත් 120ත් අතර වේගයකින් රිය ධාවනය කරන රියදුරන්ට පනවා ඇති දඩ මුදල රුපියල් 3,000 ක් වන අතර, පැයට කිලෝමීටර 120 ත් 130 ත් අතර වේගයෙන් ධාවනය කරන්නන්ට රුපියල් 5,000 ක දඩ මුදලක් ගෙවීමට සිදු වනවා.

පැයට කිලෝමීටර 130 ත් 140 ත් අතර වේගයෙන් වාහනය ධාවනය කළ හොත් දඩය රුපියල් 10,000 ක් වන අතර පැයට කිලෝමීටර 140 ත් 150 අතර වේගයයෙන් ධාවනය කළ හොත් දඩ ගාස්තුව රුපියල් 15,000 ක් වනවා.

වාහනයක් පැයට කිලෝමීටර් 150 ඉක්මවන වේගයකින් ධාවනය කරන්නේ නම්, අධිකරණය හරහා නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබනවා.

ස්ථානීය දඩ ක්‍රමය තිබියදීත්, පැයට කිලෝමීටර් 120 ඉක්මවන අය සඳහා ද දැන් අධිකරණ නඩු පවරන බවයි නියෝජ්‍ය පොලිස්පති හපුගොඩ පැහැදිලි කළේ.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ රථවාහන සම්බන්ධ දඩ මුදල් වශයෙන් රජය ඉපැයූ ආදායම රුපියල් බිලියන 5.7 ක් වන 2024 දී එලෙස ඉපැයූ ආදායම රුපියල් බිලියන 4.7 ක් වනවා

World News

Send your contact Details Today