Latest News

දියවැඩියාව ඇතිවීමේ අවදානම තුනෙන් එකකින් ඉහළ යන ක්‍රමයක් ගැන නවතම හෙළිදරව්වක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දිනකට එක් කෘතිම පැණිරස බීම වර්ගයක් පානය කිරීමෙන් දියවැඩියාව ඇතිවීමේ අවදානම තුනෙන් එකකින් ඉහළ යන බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

මෙල්බන්හි Monash විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසිනුයි නව අධ්‍යයනය සිදුකර ඇත්තේ.

එහිදී හෙළි කරගෙන ඇත්තේ artificial sweeteners සහිත soft drink එකක් දිනකට පානය කිරීමෙන් දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetes) වැළඳීමේ අවදානම 38%කින් ඉහළ යන බවයි.

මොනාෂ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බාබෝරා ඩි කෝර්ටන් (Barbora de Courten) පවසන්නේ, කෘත්‍රිම රසකාරක බොහෝවිට සෞඛ්‍ය සම්පන්න විකල්පයක් ලෙස දියවැඩියාව වැළඳීමේ අවදානමක් ඇති පුද්ගලයින්ට නිර්දේශ කළ ද ඒවාද සෞඛ්‍යයට අනතුරක් බව අධ්‍යයනයෙන් සොයාගත් බවයි.

ශරීර බර සාමාන්‍ය මට්ටමක පැවතිය ද කෘතිම රසකාරක සහ දියවැඩියාව අතර සම්බන්ධය ශක්තිමත්ව පවතින අතර, කෘතිම රසකාරක මඟින් පරිවෘත්තීය ක්‍රියාවලියට සෘජුවම බලපෑම් කළ හැකි බව ද එහිදී හෙළිව තිබෙනවා.

World News

Send your contact Details Today