Latest News

ශ්‍රී ලංකාවේ පිරිමි පුද්ගලයන් තුළ වර්ධනයක් දක්නට ලැබෙන භයානක රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව තුළ පෙණහලු පිළිකාවල වර්ධනයක් දක්නට ලැබෙන බව වැලිසර ජාතික ළය රෝහලේ උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඒ අනුව වෛද්‍යවරයා පෙන්වා දුන්නේ මෙරට පිරිමි පුද්ගලයන් තුළ පෙණහලු පිළිකාවල වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

පෙණහලු පිළිකා යනු පෙණහලු ආශ්‍රිතව විකෘති සෛල අඛණ්ඩ ලෙස පාලනය කළ නොහැකි පරිදී වර්ධනය වීමක් බව හඳුන්වනවා.

එසේම මෙම විකෘති සෛල පෙණහලුවල සාමන්‍ය ක්‍රියාකාරීත්වය ඉටු කිරීමට දායක වන්නේ නැහැ.

එමෙන්ම යළි ප්‍රකෘති සෛල බවට පරිවර්තනය වීමක්ද සිදු නොවන බව සඳහන්.

කෙසේ වෙතත් මෙසේ ශරීරයේ වර්ධනය වන අසාමාන්‍ය සෛල පෙණහලුවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා සිදු කරන අතර එය ශරීරය පුරා සිදුවන ඔක්සිජන් ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලියටද බාධා පමුණුවන බව පවසනවා.

World News

Send your contact Details Today