Latest News

යුක්‍රේනයේ අගනුවරට රුසියාවෙන් යළිත් ප්‍රහාර

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියානු හමුදා යුක්‍රේනයේ කියෙව් අගනුවරට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් 50 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මියගිය පිරිස අතර 06 හැවිරිදි පිරිමි දරුවෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම ප්‍රහාර කියෙව්හි ස්ථාන 27කට එල්ල වී තිබෙනවා.

ප්‍රහාර හේතුවෙන් කියෙව්හි උසස් අධ්‍යාපන ආයතනයකට සහ පාසලකට ද හානි සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

රුසියාව විසින් යුක්‍රේනයට ප්‍රහාර එල්ල කර ඇත්තේ අගෝස්තු 08 වනදාට පෙර යුක්‍රේනය සමග සටන් විරාමයකට එළඹිය යුතු බවට රුසියාවට තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති පසුබිමකයි.

යුක්‍රේනය සමග සටන් විරාමයකට එළඹීම සිදු නොවුනහොත් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පනවන බවට අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබුණා.

World News

Send your contact Details Today