ඉන්දියාව සහ පේරු රාජ්‍ය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම සාකච්ඡා මෙම වසර අවසන් වන විට හෝ 2026 මුල් භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි ඉන්දියාවේ පේරු තානාපති ජවීර් මැනුඑල් පෝලිනිචි වෙලර්ඩ් (Javier Manuel Paulinich Velarde) පවසා ඇත්තේ.
චෙන්නායි හි පැවති පේරු හි 204 වැනි නිදහස් දින සැමරුමට සමගාමී උත්සවයක දී ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් තානාපතිවරයා පවසා තිබුණේ, පේරු රාජ්‍යයේ ආයෝජන අවස්ථා රැසක් පවතින බවයි.
නිෂ්පාදන කිහිපයක් සඳහා තීරු බදු අඩු කිරීම සහ ඉන්දියාවේ සිට පේරු වෙත සහ පේරු සිට ඉන්දියාව දක්වා ආයෝජන ප්‍රවර්ධනය කිරීම යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම මගින් අපේක්ෂා කරන බව ද ඔහු එහි දී පැවසූ බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසනවා.