දිගු කාලයක් තිස්සේ නිවාසවල ශීත සමයේදී භාවිතයට ගැනෙන Wood heaters වලින් නිකුත් කෙරෙන දුමෙහි බලපෑම සෞඛ්‍ය අනතුරු ඇඟවීම් සහ අසල්වැසියන් අතර ආරවුල් ඇති වන බව සොයාගෙන තිබෙනවා.
වසර ගණනාවක් තිස්සේ දුමට නිරාවරණය වීමෙන් ඇදුම, හෘදයාබාධ, stroke, ශ්වසන රෝග සහ පිළිකා වැනි රෝග හටගැනීමේ අවදානමක් පිළිබඳ නව පර්යේෂණයකින් තොරතුරු හෙළි කරගෙන තිබෙනවා.
ටස්මේනියා විශ්ව විද්‍යාලයේ ආරක්ෂිත වායු මධ්‍යස්ථානයේ පර්යේෂකයින් පවසන්නේ Wood heaters දුමට දිගු කාලීනව නිරාවරණය වීමෙන් සෑම වසරකම පුද්ගලයින් 729 දෙනෙකු අකාලයේ මිය යන බවයි.
තවත් මිලියන ගණනකට සෞඛ්‍ය අවදානමක් ඇති කරන බව ද ඔවුන් පෙන්වා දෙනවා.