Latest News

ඉන්දියාව තුළ සොරකම් කළ විශාලතම වාහන තොගය මතුවුණ තැන

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාව තුළ සොරකම් කරන ලද විශාලතම වාහන තොගය සොයා ගැනීමට අරුණාචල් ප්‍රදේශ්හි ඉටානගර්හි පොලිසියට ඊයේ හැකිව තිබෙනවා.

එහිදී සුඛෝපභෝගී මාදිලියේ මෝටර් රථ 57ක් සොයාගැනීමට හැකියාව ලැබී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කොල්ල කල්ලියක් විසින් මෙම වාහන සොරකම කලක සිට සිදුකරගෙන ගොස් ඇති අතර, මෙම කල්ලිය ප්‍රධාන වශයෙන් දිල්ලි අගනුවර කලාපයේ සහ යාබද ප්‍රාන්තවල මිල අධික මෝටර් රථ සොරකම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර සොයාගන්නා ලද මෝටර් රථවල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 30 කට වැඩි බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මෙම සොරකම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් පස්දෙනා ද අත්අඩංගුවට ගෙන ඇති අතර, අවුඩි, ෆෝඩ් එන්ඩෝවර්, ටොයොටා ෆෝචූනර්, මහින්ද්‍රා තාර් වැනි සුඛෝපභෝගී මාදිලියේ වාහන මෙලෙස සොරාගත් වාහන අතරට අයත්.

මෙම මෝටර් රථ දිල්ලි, හර්යානා, උත්තර් ප්‍රදේශ් සහ අනෙකුත් ප්‍රාන්තවල ලියාපදිංචි කර ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

මෙලෙස සොරකම් කරන ලද වාහනවල එන්ජින් සහ චැසි අංක වෙනස් කර, ව්‍යාජ ලියාපදිංචි ලේඛන සකසා අලෙවි කිරීම සහ කුලියටදීම සිදුකර ඇති බවට කරුණු හෙළි වී තිබෙනවා.

World News

Send your contact Details Today