“ලෝකයේ හොඳම දූපත් 50” ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා.
ඒ ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන බිග් 7 ට්‍රැවල් විසින් කරන ලද සම්පාදනයක් අනුවයි.
ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රංශ පොලිනීසියාවේ මොරියා, ඉක්වදෝරයේ ගැලපගෝස් දූපත් සහ සීෂෙල්ස් වැනි සුප්‍රසිද්ධ දූපත් පාරාදීසයන් අභිබවමිනුයි ඉදිරියට පැමිණ තිබෙනවා.
Big 7 Travel ට අනුව, ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ එහි සංස්කෘතික උරුමයන්, විවිධ භූ දර්ශන, වනෝද්‍යාන සහ පිරිසිදු වෙරළ තීරයන් ආදිය සඳහායි.
මේ අනුව, 2025 වසරේ ලොව ඉහළම දූපත් 10 දෙනා පහත පරිදි වනවා…
- ශ්‍රී ලංකාව
- Mo’orea, ප්‍රංශ පොලිනීසියාව
- සොකොත්‍රා, යේමනය
- මැඩෙයිරා
- ගැලපගෝස්, ඉක්වදෝරය
- මහා එක්සුමා, බහමාස්
- සීෂෙල්ස්අචිල් දූපත, අයර්ලන්තය
- කෝ ලිප්, තායිලන්තය
- මිලෝස්, ග්‍රීසිය