වයස අවුරුදු 18න් පහළ ක්‍රීඩකයෙකු වාර්තා කළ ලොව වේගවත්ම කාලය වාර්තා කිරීමට 16 හැවිරිදි සොරාටෝ ශිමිසු පසුගිය දා සමත් වුණා.
ඒ ජපානයේ හිරොෂිමාහි පැවැති අන්තර් පාසල් මලල ක්‍රීඩා තරගයකදී මීටර 100 තරගයකදීයී.
මෙහිදී වේගවත් ධාවනයක යෙදුණු සොරාටෝ තත්පර 10.00කින් තරගය නිම කිරීමට සමත් වූ අතර ජපාන ක්‍රීඩකයෙකු ඕනෑම මීටර 100 ඉසව්වකදී වාර්තා කළ 5 වැනි වේගවත්ම කාලය ලෙසද මෙය වාර්තා අතරට එක් වුණා.
මින් පෙර මෙම වාර්තාවට තායිලන්ත ක්‍රීඩක පුරිපොල් බූන්සොං සහ අමෙරිකානු ක්‍රීඩක ක්‍රිස්ටියන් මිලර් 2023දී හිමිකම් කියුවා.
එහිදී ඔවුහු තත්පර 10.06ක කාලයක් වාර්තා කළහ. තවද මෙම දක්ෂතාවත් සමග ඔහු මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ද සුදුසුකම් ලබාගත්තා.
මේ සමඟ ම සොරොටෝ ජපාන පාසල් මීටර 100 වාර්තාවද තමන් සතු කරගත්තා.
ඒ 2013 වසරේදී යොෂිහිඩේ කිර්යු විසින් පිහිටුවන ලද තත්පර 10.01ක කාලයේ වාර්තාව බිඳ හෙළමින්.