Latest News

පියයුරු පරීක්ෂණයට AI යොදාගෙන අධ්‍යයනයකින් හෙළි කර ගත් දේ

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පියයුරු පිළිකා පරීක්ෂණ සඳහා භාවිත කරන Mammograms මඟින් කාන්තාවන්ට හෘද රෝගවල මුල් සලකුණු හඳුනාගැනීමට උපකාරි වන බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

American College of Cardiology ඉදිරිපත්කළ වාර්ෂික විද්‍යාත්මක සැසියේදී හෙළි වූයේ පියයුරු වල ධමනි තුළ කැල්සියම් මට්ටම මැනීම සඳහා කෘතිම බුද්ධිය යොදාගත් Mammograms රූප මගින් ඒ බව තහවුරු කළ හැකි බවයි.

එමගින් හෘද ගැටළු ඇතිවීමේ අවදානමක් පෙන්නුම්කළ හැකි වනවා.

මෙම AI ආකෘතිය එමරි හෙල්ත්කෙයාර් සහ මායෝ සායනය (Emory Healthcare and Mayo Clinic) විසින් සංවර්ධනය කරන ලද නමුත් තවමත් මහජන භාවිතය සඳහා ලබා ගත නොහැකි බවයි ඔවුන් පවසන්නේ.

මෙම මෙවලම රට පුරා සායනවල භාවිතා කළ හැකි වන පරිදි අනාගතයේදී එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයෙන් (U.S. Food and Drug Administration) අනුමැතිය ලබා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වනවා.

එමෙන්ම වකුගඩු රෝග හෝ හදවතෙන් පිටත ධමනි වල ගැටළු වැනි වෙනත් රෝග හඳුනා ගැනීමට එම තාක්ෂණයම උපකාරී වේද යන්න බැලීමට ද ඇමරිකානු විශේෂඥයින් සැලසුම් කර තිබෙනවා.

මේ අතර 2021–2022 දී ඕස්ට්‍රේලියාවේ පියයුරු පරීක්ෂාවට (BreastScreen) සහභාගී වූ වයස අවුරුදු 50–74 අතර කාන්තාවන්ගෙන් 50% ක්, පරීක්ෂණ මිලියන 1.8 කට වඩා සිදුකර තිබෙනවා.

Australian Institute of Health and Welfare වෙබ් අඩවිය පෙන්වාදෙන්නේ ඔස්ට්‍රේලියාවේ BreastScreen Australia ආරම්භ වූ දා සිට පියයුරු පිළිකා මරණ අනුපාතය අඩු වී ඇති බවයි.

World News

Send your contact Details Today