Latest News

සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවට තායිලන්තයෙන්, කාම්බෝජයට චෝදනාවක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාම්බෝජය විසින් සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවට තායිලන්ත හමුදාව චෝදනා කරනවා.

කෙසේවතත්, කාම්බෝජය එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

තායි හමුදා “සුදුසු ලෙස” සහ “ආත්මාරක්ෂාව” සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවයි තායිලන්ත හමුදා ප්‍රකාශක වින්තායි සුවරී අද (29) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ.

“සටන් විරාමය ක්‍රියාත්මක වන අවස්ථාවේදී, කාම්බෝජ හමුදා, තායි භූමිය තුළ ප්‍රදේශ කිහිපයකට සන්නද්ධ ප්‍රහාර දියත් කර ඇති බව අනාවරණය කර ගත් බවයි” ඔහු පවසා සිටියේ.

මෙය ගිවිසුම හිතාමතාම උල්ලංඝනය කිරීමක් සහ අන්‍යෝන්‍ය විශ්වාසය පළුදු කිරීමේ පැහැදිලි උත්සාහයක් බවත් තායිලන්තය තම ආත්මාරක්ෂාව සඳහා ඇති නීත්‍යානුකූල අයිතිය ක්‍රියාත්මක කරමින් සුදුසු පරිදි ප්‍රතිචාර දැක්වීමට බැඳී සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

World News

Send your contact Details Today