Latest News

ට්‍රම්ප්ගෙන්, පුටින්ට අවසන් දින ගැනුමක් පිළිබඳව දැනුම්දීමක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන්, සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් දින 10ක් හෝ 12ක් ඇතුළත එකඟවිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

යුක්‍රේන යුද්ධය, සාමය සඳහා කිසිදු ප්‍රගතියක් අත්කරගෙන නොමැති බැවැනි තවදුරටත් බලා සිටීමට කිසිඳු හේතුවක් නොමැති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේවෙතත් මීට සති දෙකකට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ යුද්ධය අවසන් කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන්ට දින 50ක් ඇති බවයි.

එසේ නොවුනහොත් රුසියාවට දැඩි තීරු බදුවලට මුහුණ පෑමට සිදුවනු ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණා.

එහෙත් යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා නව කාලවකවානු ප්‍රකාශ කර ඇත්තේ ස්කොට්ලන්තයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

ඒ සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම මස මුල් කාල සීමාවේදී පවසා තිබුණේ රුසියාව සමඟ වෙළඳාම් කරන ඕනෑම රටකට පනවා ඇති තීරු බදු සියයට සියයකින් ඉහළ නංවන බවයි.

World News

Send your contact Details Today