ඉන්දියාවේ නිෂ්පාදිත බ්‍රාහ්මෝස් අධිබලැති මිසයිල සඳහා ජාත්‍යන්තර ඉල්ලුම ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ ත්‍රස්ත ඉලක්ක වෙත පහරදීමට ඉන්දියාව භාවිත කළ බ්‍රාහ්මෝස් මිසයිලයේ සාර්ථකත්වය ඊට හේතු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
ඉන්දියාවේ සහ රුසියාවේ සහයෝගිතාවය තුළින් නිපදවනු ලබන බ්‍රාහ්මෝස් මිසයිල උපරිම වශයෙන් කිලෝමීටර් 800ක් දුරකට එල්ල කළ හැකි බවද, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
දකුණු චීන මුහුදේ සිය ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීම අරමුණු කරමින් වියට්නාමය බ්‍රාහ්මෝස් මිසයිල සඳහා ඉන්දියාව සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 700ක ආරක්ෂක ගිවිසුමකට එළැඹීමට නියමිත බවත්, අත්ලාන්තික් සාගරයේ ආරක්ෂක කටයුතු පුළුල් කිරීම අරමුණු කරමින් සිය නාවික හා ගුවන් හමුදා සඳහා බ්‍රාහ්මෝස් මිසයිල මිලදී ගැනීමට බ්‍රසීලය කැමැත්ත පළ කර ඇති බවත් වාර්තා වනවා.
මැදපෙරදිග කලාපයේ සිය ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් එක්සත් අරාබි එමිර් රාජ්‍යය ද බ්‍රාහ්මෝස් මිසයිල මිලදී ගැනීම සඳහා ඉන්දීය රජය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.