Latest News

නිව්යෝක් නුවර වෙඩි තැබීමකින් 04 දෙනෙකු ජිවිතක්ෂයට

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ, නිව්යෝක් නුවර මෑන්හැටන් කාර්යාල ගොඩනැගිල්ලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තිබෙනවා.

වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු ද වෙඩි තබාගෙන මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ලාස්වේගාස් හි සිට පැමිණි 27 හැවිරිදි ෂේන් ටමුරා නැමැති පුද්ගලයෙකු විසින් එරට වේලාවෙන් ඊයේ (28) සවස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

නිව්යෝර්ක් පෝස්ට් පුවත්පත, නම් නොකළ පොලිස් මූලාශ්‍ර උපුටා දක්වමින් සඳහන් කළේ, වෙඩි නොවදින කබායක් පැළඳ AR ආකාරයේ රයිෆලයක් රැගෙන තුවක්කුකරුවෙකු මිඩ්ටවුන් මෑන්හැටන්හි ගොඩනැගිල්ල තුළ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

World News

Send your contact Details Today