Latest News

Tesla සහ Samsung අතර බිලියන ගණනක ගිවිසුමක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු මෝටර් රථ නිෂ්පාදක ටෙස්ලා, දකුණු කොරියාවේ තාක්ෂණික විශාලතම සමාගම වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් වෙතින් චිප් සැපයුම් සඳහා ඩොලර් බිලියන 16.5 ක ගිවිසුමක් අත්සන් කර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ප්‍රකාශ කරනවා.

මෙම ගිවිසුම මඟින් පසුබැසී තිබූ සැම්සුන්ගේ කොන්ත්‍රාත් නිෂ්පාදන ව්‍යාපාරයට ශක්තිමත්වීමක් ලබා දීමට අපේක්ෂා කෙරෙනවා.

මෙම පුවත එළිදැක්වීමෙන් පසු සැම්සුන් කොටස් මිල 4%කින් වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

මස්ක් විදෙස් මාධ්‍යට සඳහන් කළේ, ටෙක්සාස් ප්‍රාන්තයේ, විවෘත කිරීමට නියමිත සැම්සුන් කර්මාන්ත ශාලාව, ටෙස්ලාගේ AI6 නව පරම්පරාවේ චිපය නිෂ්පාදනය සඳහා යොදා ගනු ඇති බවයි.

මෙය සැම්සුන්ට ප්‍රධාන ගනුදෙනුකරුවන් රඳවා තබා ගැනීම සහ නව ව්‍යාපෘති සාර්ථක කර ගැනීම සඳහා ඉතා වැදගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මස්ක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබෙන්නේ,. නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ටෙස්ලාට සහය වීමට සැම්සුන් එකඟ වී තිබෙන අතර, තමා පෞද්ගලිකව මෙම වැඩ පිළිවෙළ වේගවත් කිරීමට කටයුතු කරමන් සිටින බවත්, මෙම කර්මාන්තශාලාව ඔහුගේ නිවසට ඉතා සමීපව පිහිටා තිබෙන බවයි.

2033 අවසානය දක්වා ක්‍රියාත්මක වන මෙම ගිවිසුමේ විස්තර රහසිගතව තබා ඇති අතර, විදෙස් මූලාශ්‍ර තුනක් සඳහන් කරන්නේ එහි පාරිභෝගිකයා ටෙස්ලා සමාගම බවයි.

සැම්සුන්, TSMC සහ SK Hynix වැනි ප්‍රබල තරඟකරුවන් සමඟ AI චිප නිෂ්පාදන තරඟය තුළ ඉදිරියට ගමන් කිරීමට සඳහා සටන් කරමින් සිටිනවා.

මෙම තරගය සමාගමේ ලාභ සහ කොටස් මිලට බලපෑම් ඇති කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලොව ප්‍රමුඛ මතක චිප් නිෂ්පාදකයෙකු වන සැම්සුන් වාත්තු ව්‍යාපාරය හරහා පාරිභෝගිකයින්ගේ නිර්මාණය කළ තාර්කික චිප්ද නිෂ්පාදනය කරනවා.

කිවූම් සෙකියුරිටීස් විශ්ලේෂක පාක් යුආක් විදෙස් මාධ්‍යට පවසන්නේ මෙම ගිවිසුම සැම්සුන්ගේ වාත්තු ව්‍යාපාරයේ පාඩු අඩු කිරීමට ඉවහල් වන අතර, 2025 වසරේ මුල් භාගයේදී එම පාඩු වොන් ට්‍රිලියන 5 (ඩොලර් බිලියන 3.63) ඉක්මවා ඇති බවයි.

විශ්ලේෂකයින් සඳහන් කර තිබෙන්නේ සැම්සුන් ප්‍රධාන ගනුදෙනුකරුවන්ගේ උසස් තාක්ෂණික චිප් සඳහා TSMC වෙත යොමුවීම නිසා දැඩි අභියෝගයක් මුහුණ දී ඇති සිටීන අතර, TSMC සමාගම ඇපල්, එන්විඩියා සහ ක්වොල්කොම් වැනි සුවිශේෂී ගනුදෙනුකරුවන් සමඟ කටයුතු කරමින් සිටින බවටයි.

දකුණු කොරියාව ඇමරිකානු තීරුබදු අඩු කිරීම හෝ ඉවත් කිරීම සඳහා වෙළඳ ගිවිසුමකට යෝජනා කරමින් සිටින අවස්ථාවක මෙම ගිවිසුම විශාල වැදගත්කමක් ඇති කරනවා.

සැම්සුන් නවතම 2-නැනෝමීටර් තාක්ෂණයේ නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට කටයුතු කරමින් පවතින අතර, මෙම ඇණවුම සඳහා මෙම අති නවීන තාක්ෂණය භාවිතා නොවනු ඇති බව BNK ආයෝජන සහ සුරැකුම්පත් විශ්ලේෂක ලී මින්-හී විදෙස් මාධ්‍යට පවසා තිබෙනවා.

විශ්ලේෂකයින් සඳහන් කර තිබෙන්නේ, උසස් චිප් නිෂ්පාදනයේ තාක්ෂණික අබාධ හේතුවෙන් සැම්සුන්ට TSMC වෙත ගනුදෙනුකරුවන් අහිමිවෙමින් පවතින බවයි.

World News

Send your contact Details Today