2025 වසරේ සිට 2030 දක්වා කාලය තුළ ලොව වේගයෙන්ම අඩු වී වන රැකියා 15 ක් නම් කර තිබෙනවා.
ඒවා නම් කර ඇත්තේ World Economic Forum නිකුත් කළ Future of Jobs Report 2025 අනුවයි.
මෙහි දී ලොව පුරා සේවකයින් මිලියන 14.1 ක් පමණ නියෝජනය කරන ගෝලීය සමාගම්වල ප්‍රතිචාර 1,043 ක් සමීක්ෂණය කර තිබෙනවා.
ඒ අනුව මෙම ලැයිස්තුවේ මුල්තැනට පත්ව ඇත්තේ සාම්ප්‍රදායික කාර්යාලීය රැකියායි.
Postal Service Clerks 40% කින් අඩු වීමට නියමිත අතර Bank Tellers 35% කින් අඩු වීමට නියමිතයි.
Data Entry Clerks 34% ක් අඩු වීමට නියමිත බවයි වාර්තාවේ දැක්වෙන්නේ.
මෙම රැකියා, AI සහ ස්වයංක්‍රීය පද්ධති හේතුවෙන් ඉක්මනින් සිදු කළ හැකිවීම හේතුවෙන් වැඩි අවදානමකට ලක්වී තිබෙනවා.
Cashiers, Administrative Assistants, Ticket Clerks වැනි තනතුරුද e-commerce සහ self-checkout තාක්ෂණය ව්‍යාප්ත වීම හේතුවෙන් අඩු වනු ඇතැයි සඳහන්.
ඒ අනුව World Economic Forum නිකුත් කළ Future of Jobs Report 2025 වාර්තාව පහත පරිදි වනවා…
