Latest News

ශ්‍රී ලංකා රජයේ වෙබ් අඩවිවලට AI සහය සමඟින් ප්‍රමිතිගත කරයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ වන විට ශ්‍රී ලංකා රජයේ බොහෝ වෙබ් අඩවි මේ වන විට ක්‍රියා විරහිතවී තිබෙන බැවින් ජනතාවට තොරතුරු ලබා ගැනීමේ අපහසුතාවයක් පවතිනවා.

ඒ අනුව පවතින අක්‍රමිකතා ඉවත්කර ඉදිරි වසර තුළ රාජ්‍ය අංශයේ සියලුම වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම ප්‍රමිතිගත කිරීමර රජය සැලසුම් කර තිබෙනවා.

එම නිසා රජයේ සියලුම වෙබ් අඩවි මාස හයේ සිට අවුරුද්දක් ඇතුළත ක්‍රියාකාරී ලෙස ප්‍රමිතිගත කිරීමට අපේක්ෂා කරන බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා පැවසුවේ.

එමෙන්ම කෘත්‍රිම බුද්ධියෙන් (AI) ක්‍රියාත්මක වන රජයේ Cloud මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය වීම සඳහා වන දිගුකාලීන සැලසුම් සහිතව, රාජ්‍ය අංශයේ සියලුම වේදිකා Lanka Government Cloud 2.0 වෙත මාරු කරන බව ද ඔහු තහවුරු කළා.

මේ අතර බස්නාහිර පළාත තුළ පනවන රථවාහන දඩ මුදල් (Spot fines) අද (28) සිට GovPay ජංගම යෙදවුම (App) හරහා ගෙවීමේ පහසුකම හඳුන්වා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළා.

එහිදී ඔහු පැවසුවේ මෙම නව ක්‍රමය මගින් රියදුරන්ට සහ මහජනතාවට දඩ මුදල් ගෙවීම වඩාත් පහසු සහ කාර්යක්ෂම කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

සාම්ප්‍රදායිකව දඩ මුදල් ගෙවීම සඳහා තැපැල් කාර්යාල වෙත යාමට සිදුවුවද, GovPay යෙදවුම මගින් ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකථනයෙන් හෝ වෙනත් උපාංගයකින් පහසුවෙන් ගෙවීම් කළ හැ

World News

Send your contact Details Today