Latest News

අමෙරිකානු ගුවන් සේවයට අයත් Boeing 737 ගුවන් යානයක හදිසි ගින්නක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඩෙන්වර් ගුවන් තොටුපොළෙන් ගුවන්ගතවීමට යාමේදී ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ ගොඩබෑමේ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන්.

ගින්න හට ගන්නා අවස්ථාවේ මගීන් 173 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු යානයේ සිට තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් යානයේ හදිසි පිවිසුම් දොරටුවෙන් ඔවුන් ආරක්ෂිතව ඉවත් කළ බවයි.

මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ බෝයිං 737 MAX 8 වර්ගයේ ගුවන් යානයක, මෙලෙස ගින්නක් හටගත්තා.

කෙසේවෙතත් සුළු වේලාවක් තුළ ගින්න සම්පූර්ණයෙන් නිවා දමා ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today