2025 ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සැප්තැම්බර් 9 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය එදින ඇෆ්ගනිස්තානය සහ හොංකොං රාජ්‍යය අතර පැවැත්වෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය සැප්තැම්බර් 13 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
මෙම ආසියානු කුසලාන තරගාවලියේදී කණ්ඩායම් 08ක් කාණ්ඩ 02ක් යටතේ තරග වැදීමට සූදානම්.
A කාණ්ඩයට ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය ඇතුළත් වන අතර, B කාණ්ඩයට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකොං ඇතුළත් වනවා.

