තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයක් සඳහා එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා.
ඔහු සඳහන් කළේ, දෙරටේ නායකයින් සමග පැවැත්වූ දුරකතන සංවාදවලදී ඒ පිළිබඳ එකඟතාවකට පැමිණි බවයි.
දෙරටේ නායකයින් නුදුරු දිනකදී හමුවීමටත් එහිදී එකඟතාවකට පැමිණ තිබෙනවා.
සටන් විරාමයකට එකඟ නොවුණහොත්, අතර සමග වෙළෙඳ ගිවිසුම් අත්හිටුවන බවට ද අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීම් නිකුත් කළා.
තායිලන්ත – කාම්බෝජ ගැටුම් ආරම්භ වී අදට දින, 4 ක්.
ඒ හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු මියගොස් තිබෙනවා.
මේ අතර තායිලන්ත – කාම්බෝජ දේශසීමා ගැටුම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (26) හදිසි රැස්වීමක් ද කැඳවා තිබුණා.