ගාසා තීරයේ උග්‍ර මන්දපෝෂණ තත්ත්වයක් මතුව ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන පෙන්වා දෙනවා.
ඒ අනුව ගාසා තීරයේ ජනතාවගෙන් තුනෙන් එකක් පමණ දින ගණනක් ආහාර නොගෙන ජීවත් වන බවයි එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන අනාවරණය කරන්නේ.
කාන්තාවන් සහ ළමුන් 90,000කගේ පමණ මන්දපෝෂණ තත්ත්වය හේතුවෙන් ඔවුන්හට හදිසි ප්‍රතිකාර ලබාදිමේ අවශ්‍යතාවක් මතුව තිබෙනවා.
එමෙන්ම මන්දපෝෂණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 122 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගාසා තීරයට ආහාර හා අනෙකුත් සේවා සැපයීමේ දී මතුව ඇති දුෂ්කරතා හේතුවෙන් එහි වෙසෙන ජනතාවට අවශ්‍ය තරම් ආහාර නොලැබීම මෙම උග්‍ර මන්දපෝෂණ තත්ත්වයට හේතු වී තිබෙනවා.
ගාසා තීරයේ මානුෂිය තත්ත්වයන් පිළිබඳව මේ වන විට ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් යොමුව පවතිනවා.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ ගාසා තීරයේ යුද ගැටුම් හේතුවෙන් මතුව ඇති මානුෂිය අර්බුදය සමථයකට පත්කිරීම සඳහා ජාත්‍යන්තර සහාය අත්‍යවශ්‍ය බවයි.