සිය ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කළ වීඩියෝ මිලියන 25කට ආසන්න ප්‍රමාණයක් (24,954,128) පාකිස්තානය තුළින් ඉවත් කළ බව Tiktok සමාගම සිය නවතම පළමු කාර්තු වාර්තාව මඟින් හෙළි කරනවා.
මෙම සංඛ්‍යාව, එම වාර්තාවේ සඳහන් අනෙකුත් සියලුම රටවල් අභිබවා යෑම විශේෂත්වයක්.
ප්‍රචණ්ඩකාරී අන්තර්ගතයන්, වෛරී ප්‍රකාශ සහ වැරදි තොරතුරු පැතිරවීම වැනි නීති උල්ලංඝනය කිරීම් හේතුවෙන් මෙම වීඩියෝ ඉවත් කර තිබෙනවා.
ඉන් 99.4%ක්ම, පරිශීලකයින් විසින් වාර්තා කිරීමටත් පෙර TikTok සමාගමේ ස්වයංක්‍රීය පද්ධති මඟින් හඳුනාගෙන ඉවත් කිරීමට සමත්වීම, ඔවුන්ගේ වේගවත් ප්‍රතිචාර පද්ධතියේ කාර්යක්ෂමතාව පෙන්නුම් කරනවා.
එමෙන්ම, නීති උල්ලංඝනය කළ වීඩියෝ පටවලින් 95.8%ක්ම උඩුගත කර පැය 24ක් ඇතුළත ඉවත් කිරීමටද සමාගම සමත්ව සිටිනවා.
TikTok සමාගම පාකිස්තානය තුළ මීට පෙරද ගැටලුකාරී ඉතිහාසයකට හිමිකම් කියනවා.
නුසුදුසු සහ ප්‍රචණ්ඩකාරී අන්තර්ගතයන්, විශේෂයෙන්ම තරුණ පරපුරට හානිකර බවට පවසමින් පාකිස්තාන විදුලි සංදේශ අධිකාරිය (PTA) විසින් 2020 ඔක්තෝබර් සහ 2021 නොවැම්බර් අතර කාලය තුළ සිව් වතාවක්ම එරට තුළ TikTok තහනම් කර තිබුණා.
සමාජ මාධ්‍යවලින් සිදුවන අහිතකර බලපෑම් මැඩලීම සඳහා, වයස අවුරුදු 16ට අඩු පරිශීලකයින් සඳහා සියලුම සමාජ මාධ්‍ය වේදිකා තහනම් කිරීමක් පිළිබඳවද පාකිස්තානය මේ වන විට සලකා බලමින් සිටිනවා.
ගෝලීය වශයෙන්, මෙම පළමු කාර්තුව තුළ වීඩියෝ මිලියන 211කට අධික ප්‍රමාණයක් සහ ව්‍යාජ ගිණුම් මිලියන 73ක් ඉවත් කිරීමට TikTok සමාගම කටයුතු කර තිබෙනවා.
තම අන්තර්ගත නියාමන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ විශාල භාෂා ආකෘති (LLMs) තාක්ෂණය, අදහස් (comments) පෙරීම සඳහා මේ වන විටත් කටයුතු යොදාගනිමින් සිටින බව ද TikTok සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.