Latest News

ගාසා තීරයේ ළමුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ගැන අවාසනාවන්ත අනාවරණයක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ ළමුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරනවා.

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය ද සඳහන් කර සිටියේ, රෝගීන් දිනෙන් දින වැඩි වන බවයි.

ගාසා තීරයේ කුසගිනි අර්බුදය මෙතරම් දරුණු මට්ටමකට මින් පෙර කිසිදු දිනයක පැමිණ නොමැති බවත්, ගාසා තීරයට ලැබෙන ආධාර මට්ටමක අවමවීම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.‍

මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසා සිටියේ, ගාසා තීරයේ ජනගහනයෙන් විශාල පිරිසක් ‘කුසගින්නෙන්’ පෙළෙන බවයි.

කෙසේ වෙතත් පසුගියදා ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා හමු වූ ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් අවධාරණය කර සිටියේ, තම රට ජාත්‍යන්තර නීතියට අනුව මානුෂීය ආධාර ලබාදීමට කටයුතු කරන බවයි.

World News

Send your contact Details Today