Latest News

පහල්ගම් ප්‍රහාරකයන් ගැන අමෙරිකාවේ මතය කියයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් වෙත පසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින The Resistance Front (TRF) විදේශ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමේ තීරණයට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස සහාය දුන් බව එරට මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු කමිටුව පවසා තිබෙනවා.

එම ත්‍රස්තවාදී සංවිධානය යුක්තිය හමුවට පමුණුවා සුදුසු ක්‍රියාමාර්ග ගතයුතු බවයි අදාළ කමිටුව පවසන්නේ.

එය ඉන්දියාවේ සිවිල් වැසියන් ඝාතනය කිරීමට වගකිව යුතු පාර්ශ්වයට එරෙහිව ගන්නා සුදුසු පියවරක් ලෙස ද ට්‍රම්ප් හඳුන්වා දී තිබෙනවා.

මෙම ප්‍රහාරයත් සමග ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද උණුසුමක් ද වර්ධනයවී තිබුණා.

අමෙරිකාවේ මෙම තීරණය ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනේ ප්‍රබල පියවරක් ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් හඳුන්වා තිබෙනවා.

World News

Send your contact Details Today