කාම්බෝජය සමඟ පවත්නා ගැටුම් යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බවට තායිලන්තය අනතුරු අඟවනවා.
දේශසීමා ගැටලු මුල්කර ගනිමින් තායිලන්තය හා කාම්බෝජය අතර ගැටුම් ඊයේ ( 24) හටගත්තා.
දෙවන දිනටත් අඛණ්ඩව ගැටුම් පවතින අතර පුද්ගලයින් 16 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
දෙරටේම දේශසීමාව ආසන්නයේ ජීවත්වන දහස් ගණනක පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
සන්නාහ සන්නද්ධ රථ යොදා ගනිමින් දෙපාර්ශ්වය ප්‍රහාර එල්ලකර ගන්නා ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
යුද ගැටුම් අවසන් කරන ලෙසයි ඇමෙරිකාව, චීනය හා ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක් දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා ඇත්තේ.
මීට පෙරද දේශසීමා ගැටලු මුල්කරගනිමින් තායිලන්තය හා කාම්බෝජය අතර 2008 වසරේදී සහ 2011 වසරේදී ගැටුම් හටගත් අතර එහිදී 40 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වුණා.