ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ පස්වන සමාලෝචනය 2025 වසරේ “සරත් සෘතුව” හෙවත් සැප්තැම්බර් සිට නොවැම්බර් අතර කාලය තුළ සිදු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලී කොසාක් සඳහන් කරනවා.
මෙම ඉදිරි සමාලෝචනය සිව්වන සමාලෝචනයෙන් පසුව පැවැත්වෙනවා.
එම සමාලෝචනය ජූලි 1 වනදා සාර්ථකව අවසන් කිරීමෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 350ක මූල්‍ය ආධාරයක් හිමි වුණා.
ඒ අනුව EFF වැඩසටහන යටතේ මෙතෙක් ශ්‍රී ලංකාවට ලැබී ඇති මුළු IMF ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.74ක්.